Loading...

O/L ICT ගැන යමක් ...

සාමාන්‍ය පෙළ විභාගය සඳහා අතිරේක විෂයක් ලෙස ඔබට ICT හැදෑරිය හැක. මෙය අනෙකුත් අතිරේක විෂයන් මෙන් නොව ඔබට ජීවිතය සඳහා යමක් ඉතිරි කරන විෂයක් ලෙස හැඳින්විය හැක. ඔබ ප්‍රථිපල සටහනේ A අකුරක් පහසුවෙන්ම ලබාගැනීමේ අරමුණින් සෞඛ්‍ය, රංග කලාව, කෘෂිකර්මය, භූගෝල විද්‍යාව හෝ ඉතිහාසය තෝරා ගත හැක. නමුත් OL වලින් පසුව ඔබට ඉන් ඉතිරි වන්නේ මොනවාද? ප්‍රථිපල සටහනේ ලබාගත් අකුර පමණි. නැවත එම විෂය භාවිතයට හෝ ප්‍රයෝජනයට ගැනීමට ඔබට අවස්ථාවක් නැත. එසේ අවශ්‍ය නම් වර්තමානයේ ඔබ සිටින තොරතුරු යුගයෙන් මිදී ගල් යුගයට හෝ ගොවි යුගයට යා යුතුය. ඔබට ජීවිතයේදී අනිවාර්යෙන්ම අවශ්‍ය කරන තොරතුරු තාක්ෂණික දැනුම හා පරිගණක භාවිතය පිළිබඳව හොඳ අවබෝධයක් O/L ICT තුළින් ලැබෙනු නිසැකය. එමෙන්ම වසර 02ක කාලය වැඩක් ඇති වැඩකට ගත හැකි විෂයක් වෙනුවෙන් වැය කිරීම ම වඩාත් ඵලදායී කාර්යයකි. පරිගණක පාඨමලා හෝ සහතික පත්‍ර සඳහා කොම්පියුටර් කඩ වෙතට මුදල් පිදීමට අවශ්‍ය නොවනු ඇත. ICT කට පාඩම් අඩු, සරල විෂය කරුණු හා ප්‍රායෝගික පරීක්ෂණ සහිත වඩා ආශාවෙන් හා පහසුවෙන් ඉගෙන ගත හැකි විෂයකි. ඔබට නොදැනීම A සාමාර්ථයක් ප්‍රථිපල සටහනට පැමිණෙනු ඇත. ඊටත් වඩා එහි ප්‍රයෝජනය හා වටිනාකම අනාගතයේ ඔබටම දැනෙනු නිසැකය.