Loading...

GIT ගැන යමක් ...

සාමාන්‍ය තොරතුරු තාක්ෂණය එසේත් නැතිනම් වඩා ජනප්‍රිය වචනය වන GIT සෑම සිසුවෙකුම 12 ශ්‍රේණියේදී අතිරේක විෂයක් වශයෙන් හැදෑරිය යුතු වේ. මෙහි ප්‍රථිපල විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා බලපෑම් ඇති නොකරන නමුත් විෂයය හැදෑරීමෙන් ඔබ ලබාගන්නා දැනුම හා අත්දැකීම් කාහටවත් විනාශ කළ නොහැක. උසස් පෙළ සිසුන්ගේ පරිගණක සාක්ෂරතාව වැඩි කරනු පිණිස 2005 වර්ෂයේදී GIT පළමු වරට හඳුන්වා දෙන ලදී. තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ මුලිකම සිද්ධාන්ත හා පරිගණකයේ ප්‍රායෝගික භාවිතයට අදාළ ක්‍රියාකාරකම් වලින් සමන්විතය.