Loading...

A/L ICT ගැන යමක් ...

උසස් පෙළ ඕනෑම විෂය ධාරාවක් (ගණිත,විද්‍යා,තාක්ෂණවේදය,වාණිජ,කලා) තුළ හැදෑරිය හැකි එකම විෂය වන්නේ තොරතුරු සන්නිවේදන තාක්ෂණයයි. මෙමගින්ම ICT විෂයෙහි වැදගත්කම සහ වටිනාකම පැහැදිලි වේ.ICT යනු GIT වලින් පරිභාහිර වෙනත් ප්‍රධාන විෂයකි. GIT (සාමාන්‍ය තොරතුරු තාක්ෂණය) සෑම සිසුවෙක්ම General English මෙන් අමතරව හැදෑරිය යුතුය. නමුත් ඔබට ICT ප්‍රධාන විෂයක් ලෙස ඕනෑම ධාරාවක අධ්‍යනයට අවස්ථාව ලැබේ.අධ්‍යාපන අමාත්‍යංශය මඟින් 2009 චක්‍රලේඛ අංක 16 යටතේ හඳුන්වා දුනි.


භෞතීය විද්‍යා (Maths)
  • Combind Maths , Higher Maths , Physics , Chemistry , ICT (මෙහිදී Chemistry වෙනුවට ICT තෝරාගත හැක)

ජෛවීය විද්‍යා (Science)
  • Biology , Chemistry , Physics , ICT (Physics වෙනුවට ICT තෝරාගත හැක)

තාක්ෂණවේදය (Technology)
  • Science for Technology , Engineering Technology or Bio Systems , ICT (තුන්වන විෂය ලෙස ICT තෝරා ගැනේ)

වාණිජ්‍ය (Commerce)
  • Accounting , Business Studies , Econ ( මින් විෂයන් 02 ක් සමඟ ICT )

කලා
  • ප්‍රධාන විෂයක් ලෙස තෝරාගත හැක. ( සමාජීය විද්‍යා කාණ්ඩය යටතේ )

නමුත් Maths , Technolgy , වාණිජ්‍ය හා කලා විෂය ක්ෂේත්‍ර වල ICT විෂය තෝරා ගැනීම වඩා ඵලදායී මෙන්ම එම ධාරා වල ඇති වටිනාකම වැඩි කිරීමටද සමත් වේ.ජෛවීය විද්‍යා ධාරාව තුළ ICT විෂය තෝරා ගැනීම පෞද්ගලිකව අනුමත නොකරමි.



උසස් පෙළ විෂයන් තෝරාගැනීමේ චක්‍ර ලේඛනය





විශ්ව විද්‍යාල ප්‍රවේශය


භෞතීය විද්‍යා (Maths) විෂය ධාරාව යටතේ...


  • මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව (Software Engineering) - කැලණිය
  • තොරතුරු තාක්ෂණය (IT) - මොරටුව
  • භෞතීය විද්‍යා - තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT) - ජ' පුර , කැළණිය
  • තොරතුරු තාක්ෂණය හා කළමනාකරණය (IT & Management) - මොරටුව
  • තොරතුරු පද්ධති (Information Systems) - කොළඹ
  • පරිගණක විද්‍යාව (Computer Science) - කොළඹ , රුහුණ , යාපනය , නැගෙනහිර
  • පරිගණනය හා කළමනාකරණය - පේරාදෙණිය
  • තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT) - රජරට
  • කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය (Management & IT) - කැලණිය , අග්නිදිග
  • පරිගණක විද්‍යාව හා තාක්ෂණය - ඌව වෙල්ලස්ස
  • කාර්මික තොරතුරු තාක්ෂණය (Industrial IT) - ඌව වෙල්ලස්ස
  • ආගණනය සහ තොරතුරු පද්ධති - සබරගමුව
  • ව්‍යවහාරික විද්‍යා (Applied Science - Physical Science) - රජරට , සබරගමුව , වයඹ , යාපනය , නැගෙනහිර
  • සංඛ්‍යානය හා සංකාර්ය පර්යේෂණ (Statistics and Operational Research) - පේරාදෙණිය
  • ප්‍රමාණ සමීක්ෂණය (Quantity Surveying) - මොරටුව
  • මැනුම් විද්‍යාව (Surveying Science) - සබරගමුව
  • විද්‍යාව හා තාක්ෂණය - ඌව වෙල්ලස්ස
  • මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව (Software Engineering) - විවෘත විශ්ව විද්‍යාලය
  • පරිගණක විද්‍යාව (Computer Science) - විවෘත විශ්ව විද්‍යාලය
  • උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතින SLIATE ආයතනයෙහි HNDIT පාඨමාලා ප්‍රවේශය

කලා විෂය ධාරාව යටතේ...


  • තොරතුරු තාක්ෂණය හා කළමනාකරණය (IT & Management) - මොරටුව
  • තොරතුරු පද්ධති (Information Systems) - කොළඹ
  • තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT) - රජරට
  • පරිගණනය හා කළමනාකරණය - පේරාදෙණිය
  • කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය (Management & IT) - අග්නිදිග
  • පරිගණක විද්‍යාව හා තාක්ෂණය - ඌව වෙල්ලස්ස
  • විද්‍යාව හා තාක්ෂණය - ඌව වෙල්ලස්ස
  • කාර්මික තොරතුරු තාක්ෂණය (Industrial IT) - ඌව වෙල්ලස්ස
  • මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව (Software Engineering) - විවෘත විශ්ව විද්‍යාලය
  • පරිගණක විද්‍යාව - විවෘත විශ්ව විද්‍යාලය
  • නීතිය (Law)
  • කලා (Arts)
  • නගර හා ග්‍රාම නිර්මාණය (Town & Country Planning) - මොරටුව
  • වාස්තු විද්‍යාව (Architecture) - මොරටුව
  • විලාසිතා නිර්මාණය හා නිමැවුම් ප්‍රවර්ධනය - මොරටුව
  • භුමි නිර්මාණවේදය (Landscape Architecture)- මොරටුව
  • නිර්මාණවේදය (Design) - මොරටුව
  • පහසුකම් කළමනාකරණය - මොරටුව

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ...


  • ඉංජිනේරු තාක්ෂණවේදය (BET) - ජ' පුර, කැලණිය, රජරට, රුහුණ, යාපනය, වයඹ, සබරගමුව, ඌව වෙල්ලස්ස
  • තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT) - ජ' පුර, කැලණිය, රුහුණ, යාපනය, රජරට, අග්නිදිග
  • තොරතුරු තාක්ෂණය හා කළමනාකරණය (IT & Management) - මොරටුව
  • තොරතුරු පද්ධති (Information Systems) - කොළඹ
  • තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT) - රජරට
  • පරිගණනය හා කළමනාකරණය - පේරාදෙණිය
  • කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය (Management & IT) - අග්නිදිග
  • පරිගණක විද්‍යාව හා තාක්ෂණය - ඌව වෙල්ලස්ස
  • කාර්මික තොරතුරු තාක්ෂණය (Industrial IT) - ඌව වෙල්ලස්ස
  • විද්‍යාව හා තාක්ෂණය - ඌව වෙල්ලස්ස
  • මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව (Software Engineering) - විවෘත විශ්ව විද්‍යාලය
  • පරිගණක විද්‍යාව - විවෘත විශ්ව විද්‍යාලය
  • නගර හා ග්‍රාම නිර්මාණය (Town & Country Planning) - මොරටුව
  • වාස්තු විද්‍යාව (Architecture) - මොරටුව
  • විලාසිතා නිර්මාණය හා නිමැවුම් ප්‍රවර්ධනය - මොරටුව
  • භුමි නිර්මාණවේදය (Landscape Architecture)- මොරටුව
  • නිර්මාණවේදය (Design) - මොරටුව
  • පහසුකම් කළමනාකරණය - මොරටුව
  • යෞවන හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති University Colleges 25ක විවිධ උපාධි 15 ක් අධ්‍යනයට අවස්ථාව
  • UNIVOTECH (University of Vocational Technology) හි B.Tech සහ B.ED උපාධි සඳහා ප්‍රවේශය
  • උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතින SLIATE ආයතනයෙහි HNDIT පාඨමාලා ප්‍රවේශය
  • ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ තාක්ෂණික ඩිප්ලෝමා ප්‍රවේශය
  • කාර්මික විද්‍යාලයක් තුළ NVQ in IT හැදෑරීමට අවස්ථාව (NVQ Level 7 උපාධි සම සුදුසුකමකි)
  • German Tech ආයතනයේ තාක්ෂණික පාඨමාලා සඳහා ප්‍රවේශය

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ...


  • ජෛව පද්ධති තාක්ෂණවේදය - ජ' පුර, රජරට, නැගෙනහිර, අග්නිදිග, යාපනය, වයඹ, සබරගමුව, ඌව වෙල්ලස්ස
  • තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT) - ජ' පුර, කැලණිය, රුහුණ, රජරට, අග්නිදිග, යාපනය
  • තොරතුරු තාක්ෂණය හා කළමනාකරණය (IT & Management) - මොරටුව
  • තොරතුරු පද්ධති (Information Systems) - කොළඹ
  • තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT) - රජරට
  • පරිගණනය හා කළමනාකරණය - පේරාදෙණිය
  • කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය (Management & IT) - අග්නිදිග
  • පරිගණක විද්‍යාව හා තාක්ෂණය - ඌව වෙල්ලස්ස
  • කාර්මික තොරතුරු තාක්ෂණය (Industrial IT) - ඌව වෙල්ලස්ස
  • විද්‍යාව හා තාක්ෂණය - ඌව වෙල්ලස්ස
  • මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව (Software Engineering) - විවෘත විශ්ව විද්‍යාලය
  • පරිගණක විද්‍යාව - විවෘත විශ්ව විද්‍යාලය
  • නගර හා ග්‍රාම නිර්මාණය (Town & Country Planning) - මොරටුව
  • වාස්තු විද්‍යාව (Architecture) - මොරටුව
  • විලාසිතා නිර්මාණය හා නිමැවුම් ප්‍රවර්ධනය - මොරටුව
  • භුමි නිර්මාණවේදය (Landscape Architecture)- මොරටුව
  • නිර්මාණවේදය (Design) - මොරටුව
  • පහසුකම් කළමනාකරණය - මොරටුව
  • යෞවන හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති University Colleges 25ක විවිධ උපාධි 15 ක් අධ්‍යනයට අවස්ථාව
  • UNIVOTECH (University of Vocational Technology) හි B.Tech සහ B.ED උපාධි සඳහා ප්‍රවේශය
  • උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතින SLIATE ආයතනයෙහි HNDIT පාඨමාලා ප්‍රවේශය
  • ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ තාක්ෂණික ඩිප්ලෝමා ප්‍රවේශය
  • කාර්මික විද්‍යාලයක් තුළ NVQ in IT හැදෑරීමට අවස්ථාව (NVQ Level 7 උපාධි සම සුදුසුකමකි)
  • German Tech ආයතනයේ තාක්ෂණික පාඨමාලා සඳහා ප්‍රවේශය

වාණිජ්‍ය ධාරාව යටතේ...


  • කළමනාකරණය (Management) - ජ'පුර , කොළඹ , පේරාදෙණිය , කැලණිය , වයඹ , රජරට , රුහුණ , සබරගමුව , යාපනය , නැගෙනහිර , අග්නිදිග
  • ව්‍යාපාර තොරතුරු පද්ධති (BIS) - ජ'පුර
  • කළමනාකරණ අධ්‍යනය - නැගෙනහිර , යාපනය
  • තොරතුරු තාක්ෂණය හා කළමනාකරණය (IT & Management) - මොරටුව
  • තොරතුරු පද්ධති (Information Systems) - කොළඹ
  • තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT) - රජරට
  • පරිගණනය හා කළමනාකරණය - පේරාදෙණිය
  • කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය (Management & IT) - අග්නිදිග
  • පරිගණක විද්‍යාව හා තාක්ෂණය - ඌව වෙල්ලස්ස
  • කාර්මික තොරතුරු තාක්ෂණය (Industrial IT) - ඌව වෙල්ලස්ස
  • විද්‍යාව හා තාක්ෂණය - ඌව වෙල්ලස්ස
  • මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව (Software Engineering) - විවෘත විශ්ව විද්‍යාලය
  • පරිගණක විද්‍යාව - විවෘත විශ්ව විද්‍යාලය
  • නගර හා ග්‍රාම නිර්මාණය (Town & Country Planning) - මොරටුව
  • වාස්තු විද්‍යාව (Architecture) - මොරටුව
  • විලාසිතා නිර්මාණය හා නිමැවුම් ප්‍රවර්ධනය - මොරටුව
  • භුමි නිර්මාණවේදය (Landscape Architecture)- මොරටුව
  • නිර්මාණවේදය (Design) - මොරටුව
  • පහසුකම් කළමනාකරණය - මොරටුව

ජිව විද්‍යා ධාරාව යටතේ...


  • සැළකිය යුතුයි :- ජිව විද්‍යා පාඨමාලා සඳහා ප්‍රවේශය නොලබයි.කලා ධාරාව යටතේ දක්වා ඇති පාඨමාලා සඳහා පමණක් සුදුසුකම් ලබයි.

වැඩි විස්තර සඳහා 2017/18 විශ්ව විද්‍යාල ප්‍රවේශය





ඉහත සඳහන් රජයේ විශ්ව විද්‍යාල වලට අමතරව පහත ආයතනයන් තුළදී ද Software Engineering, MIS, Computer Science, IT, Networking, Multimedia, Computer Security, BIS යන උපාධි හැදෑරීමේ අවස්ථාව ඔබට ලැබේ.


උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින අර්ධ රාජ්‍ය විශ්ව විද්‍යාලයන්


  • NIBM
  • NSBM
  • SLIIT

පෞද්ගලික විශ්ව විද්‍යාල


  • ESOFT Metro Campus
  • ICBT
  • APIIT
  • ACBT
  • PIBT
  • IIT