• 2017 Theory
  • amazon drone
  • education
  • Kosala Rajapaksha
  • underground car park

What Why How ICT ???

 

ඔබ විෂයන් තෝරා ගැනීමේදී තොරතුරු සන්නිවේදන තාක්ෂණය සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විෂයක් ලෙස තෝරාගත යුත්තේ ඇයිද යන පැනය සිතට නැඟෙන්නට පුළුවන. මම මෙහිදී ඊට සරලවූත් වඩා අර්ථවත්වූත් පිළිතුරක් සැපයීමට අදහස් කරමි.

යම් විෂයයක් හදාරනු ලබන්නේ එය අනාගතයේදී යොදාගැනීමේ අරමුණිනි. කිසියම් විෂයක් ප්‍රථිපල සටහනේ අකුරකට පමණක් සීමා කිරීම ඔබේ වටිනා කාලය හා ශ්‍රමය අපතේ හැරීමකි.විෂයක් තෝරාගත යුත්තේ සරලවම ජීවිතයට එහි ඇති අදාළත්වය හා අදට මෙන්ම හෙටටද ඇති ප්‍රයෝජනය සැළකිල්ලට ගැනීමෙනි. අප සෑම දෙනෙක්ම අධ්‍යාපනය ලැබීමේ සත්‍ය අරමුණ වන්නේ වඩා හොඳ රැකියාවක් සොයාගැනීමයි. වර්තමාන රැකියා වෙළඳපොළ තුළ ඔබ හොඳින් දන්නා මෘදුකාංග ඉංජිනේරු වෘත්තිය ඇතුළුව තවත් රැකියා වර්ග 30 ක් පමණ පරිගණක විද්‍යාව හදාරන ඔබ වෙනුවෙන් විවෘතව ඇත. තොරතුරු සන්නිවේදන තාක්ෂණය ඊට හොඳ අඩිතාලමකි. ඔබ පරිගණක විද්‍යාව ආශ්‍රිතව නොව වෙනත් ක්ෂේත්‍රයක් තුළ (බැංකු,කළමනාකරණ,පරිපාලන..... ) වුවද ඔබේ අනාගතය සකස් කරගන්නට පුළුවන. නමුත් අද වනවිට සෑම ක්ෂේත්‍රයකටම තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ බලපෑම පැතිර ඇති බැවින් ඕනෑම රැකියාවක් සඳහා පරිගණක හා ඒ හා සම්බන්ධ තාක්ෂණයන් පිළිබඳව මනා දැනීමක් අත්‍යවශ්‍ය වේ. එම නිසා තොරතුරු සන්නිවේදන තාක්ෂණය ඔබේ ප්‍රථිපල සටහන තුළ තිබේනම් එය රැකියාවක් සඳහා ඔබේ අගය දෙගුණ තෙගුණ කරවයි.

ඔබට පාසලේදී තොරතුරු සන්නිවේදන තාක්ෂණය විෂයක් ලෙස තෝරාගැනීම තුළින් අමතර පරිගණක පාඨමාලා හැදෑරීම අවශ්‍ය නොවනු ඇත. එමඟින් ඔබගේ වටිනා කාලයත් මුදලුත් ඉතිරි කර ගැනීමට හැකිවේ. වර්තමානයේ අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සාමාන්‍ය පෙළ ICT හදාරන ලද සිසුන්ට NVQ Level 1 සහතිකයත්, උසස් පෙළ ICT හදාරන ලද සිසුන්ට NVQ Level 3 සහතිකයත් ලබාදේ. එය තවත් අතිරේක අගයක් විෂයට එක් කරනු ලබයි.

මෙය විෂයෙහි ඇති වටිනාකම පැහැදිලි කිරීමට ගත් අවංක උත්සාහයක් පමණක්ම වන අතර විෂය තෝරා ගැනීම හෝ නොගැනීම ඔබට බාරය.